මේ වෙනකොට අපේ වාර විභාගේ අන්තිම දවස. ඉතින් එකොලහමාර දොලහ වෙනකොට
එක්සෑම් ඉවරයි. නමුත්, හිතු මනාපෙට අපි එකෙක්ටවත් එලියට බැහැලා ගෙවල්වලට
ඔන්න ඉතින්
පිල්ලිය ඇතුලු සහ පිරිවර (අර ආධුනික ඩබල හැර,) පිට්ටෙනිය මැදින්
ප්‍රාථමික අංශය පිටිපස්සේ තියෙන ටැප් එක ලඟාට ආවා! ඒක තියෙන්නේ තාප්පෙත්
එක්කමයි. ඒ ලඟම පොඩි ගබඩා කාමරයක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට බෝයිස්ලා
ඇඳුම් හදාගන්නේ, ෂර්ට් යට කරගන්නේ එහෙම මෙතන තමයි. ඒ නිසා කිසිම ටීචර්
කෙනෙක් මෙතනට ඔලුව දාන්නේ නැහැ. (අපි දැනුවත්ව!). කොහොම හරි වටපිටාවේ
ගුරුවරු, බත් ගොට්ටෝ, වෙන්ඩ ප්‍රිෆෙක්ට් ෆොන්සියෝ එහෙම නෑ කියලා කන්ෆෝම්
කරගත්තු අපි එස්කේප් ප්ලෑන් එක ගහන්න පටන් ගත්තා.........!
"මචෝ, අද නම් මේන් ගේට් එකෙන් පනිනවා බොරු. වෙන ක්‍රමයක් කල්පනා කරන්නා
වෙනවා!" සුජියා පටන් ගත්තා.
"ඒ මොකද බං..? ප්‍රිෆෙක්ට්ස්ලා රොත්තම ග්‍රවුන්ඩ් එකේනේ! ඒ විතර ද?
හාමුදුරුවෝ හිටියෙත් ස්ටේජ් එක ලඟනේ!" ඒ ලකියා.
"තෝ කට්ටියටම ඉල්ලං xx xරවන්නද හදන්නේ..? දැක්කේ නැද්ද බොල ඔෆිස් එක උඩ
තට්ටුවේ ලොකු අම්මා ඉන්නවා...? ඒ මදිවට අපිට ආයෙමත් යන්න වෙන්නේ
පිට්ටෙනිය මැදින්මයි! ප්‍රධාන සිස්ය xxයා දැක්කොත් එහෙම මොකක් හරි කුණක්
ඇඟේ ගහයි!! ඊලඟට හතර පහ වෙනකම්ම මෙතන ලගින්නයි වෙන්නේ!" ඒ ඇනිමල්ගෙ
හොරනෑව.
"නෑ... නෑ... අද අපි පනින්නේ එකට නෙමෙයි!" ඒ පිල්ලිගේ වොයිස් එක.
"ඔව් ඔව් එක වෙනකම් නම් කොහොමටවත් ඉන්න බැරිවෙයි!" වාචාල ලකියා මිනි
සයිස් කෝචොක් එකක් දැම්මා!
ෆයිල් එකේ මුල්ලෙන් උගේ ඔලුව හිල්වෙන්න ඇනපු මම සැලැස්ම දිග අරින්න පටන් ගත්තා.
ප්ලෑන් එක මේකයි.......!
මගෙයි සුජියගෙයි ෆයිල් දෙක උඹලා දෙන්නාගේ බෑග් දෙක ඇතුලට දාලා ටැප් එක
ගාව තාප්පෙන් එහාපැත්තට විසිකරනවා! බෑග්ස් නැති හින්දා අපි පනියි කියලා
කාටවත් සැකයක් හිතෙන්නේ නෑ!"
"ෂම්මා.......!"
"පොඩ්ඩක් හිටපන්කො.. ඊට පස්සේ මමයි සුජියයි වෙනම යනවා ග්‍රවුන්ඩ් එක
පැත්තට. උඹලා දෙන්නා වෙනම යන්න ඕනේ...... නෑ! නෑ!! වෙන කොහෙවත් යන්න ඕනේ
නෑ! ප්‍රයිමරි එකේ උඩ තට්ටුවට වෙලා හිටපන්! මේ දවස්වල පොඩි උනුත් නැති
හින්දා අවුලක් වෙන එකක් නෑ!! ඒක නෙමේ දැන් වෙලාව කීයද??"
"11.40 යි."
"ම්.....හරි එහෙනම් තව විනාඩි දහයෙන්... ඒ කියන්නේ 11.50 වෙනකොට අපි
දෙගොල්ලොන්ගෙන් කවුරු හරි පනින්න ඕනේ!"
"මම මූවත් අරන් පනින්නම්! එතකොට උඹලා...?" ප්‍රශ්නය ඇනිමල් ගෙන්.
"අපි දෙන්නා ඊලඟ විනාඩි දහය ඇතුලත පනිනවා! උඹලා දෙන්නා එතකන් අබා
කොස්තාගේ ගෙදරට වෙලා හිටපන්!"
"හරි එහෙනම්, උඹලා වරෙල්ලා!"
අරුන් දෙන්නට යන්න ඇරපු සුජියයි මමයි, අපේ පාසලේ නිස්කලංකම පොට් එක
වෙච්ච "ජෙන්ට්ස් වැෂිකිලි සංකීර්ණෙට" වෙලා කල් මර මරා හිටියා 12.00
වෙනකම්ම. හරියටම දොලහේ නැකතට එලියට බැස්ස අපි ඩබල ප්‍රයිමරියේ ගේට්ටුව
පැත්තට ඇදෙන්න පටාන් ගත්තා!!!
හෙමින් සැරේ වටපිට ඇහැ යවා කිසි කලබලයක් නැතුව සමාජයට පය තබන්න යනකොටම.....
"පිල්ලී.....!!!!!!!!" බඩුම තමා!!! ඥානසාර හිමි ටයිප් එකේ ගැඹුරු වොයිස්
එකක් අපි දෙන්නාවම අමතනවා!
ගැස්සුන පාර හිටපු විදියටම ටර්න් අරවුන්ඩ් වුණ අපි දෙන්නා දැකපු සීන්
එකෙන් වුණේ අපිට තෙමාගත්තු නැති ටික විතරයි...! ප්‍රින්සිපල් හාමුදුරුවෝ
අපි දෙන්නා දිහා ගිලින්න වගේ බලාගෙන ඉන්නවා!!!
"දෙන්නම එනවා මෙහාට!"
"කාලා වරෙන්කෝ...! ෂුවර් එකටම අරුන් දෙන්නා වැඩේ දෙල් කරගෙන වගේ!! ඒ
මදිවට මේ xxතලා දෙන්නා අපිවත් පාවා දීලා!!!" සුජියා මරු කියවනවා
"යකෝ උන්දෙන්නා කෙසේ වෙතත් තොගෙ නස්පුක් මූණ අපි දෙන්නාවම මාට්ටු කරයි
වගේ! වහගෙන වර!!" හිත ඇතුලේ මාරයා මැඩ්ලින් ගැහුවත් පොරටෝක්ස් වලින්
අඩුවක් නැති පිල්ලියා සුපුරුදු සිංහ නාදයම දුන්නා!
දැන් අපි දෙන්නාම හාමුදුරුවෝ ලඟටම ඇවිත්!
"ඇයි හාමුදුරුවනේ..?"
"අනේ පුතේ! තව පොඩි එවුන් ටිකකුත් අල්ලන් ඉක්මනට අර කඹ රෝල් ටික
පිට්ටෙනියෙන් අයින් කරලා දාන්නකෝ!!"
හම්මෝව්! ඇඟේ වතුර ආයෙමත් ලේ වෙන්න පටන් ගත්තා.....!
"එහෙමයි, හාමුදුරුවනේ!"
"බඩුම තමා! දැන් කීයටද බන් ආයේ එලියට යන්නේ?" පිල්ලියා ඩවුන්!
"ඔන්න ඔහේ පොඩි එකෙක්ට බෝලේ පාස් කරාලා තෝයි මායි වැනිෂ් වෙමු!"
එහෙම කියපු සුජියා මාවත් ඇදගෙනම පිට්ටෙනිය පැත්තට ගියා!
"අයියෝව්! මේ චුට්ට අදින්න මොකට ද බං අපි දෙන්නෙක්? පොඩි උන් දෙන්නෙක්
දැම්මත් ඇති නේ?"
"පොඩි උන් ඉන්න එපැයි දාන්න!!"
"කවුද බං අර කඹ රෝල් දෙකක් උස්සන් යන හිපාටුවෝ දෙන්නා..?"
අව්ව සැර වැඩි හින්දාමද කොහෙද දුර පෙනුනට, උන් දෙන්නගේ මූණු දෙක නම්
එච්චරම ක්ලියර් නෑ! ඒත් ඇඟපතින් නම් එකෙක්ව දුර තියාම අඳුරගන්න පුලුවන්
වුණා. ඒ වෙන මොකෙක්වත් නෙමෙයි අර මුලින්ම කියපු "බොනියා". අනිකා නම්
චිම්පන්සියා වගේ ඩයල් එකක් බව ඈතට පේනවා ඒත්, තාමත් අඳුරගන්න අමාරුයි!
කොහොම හරි, කෝටු අතපය වන වනා පොරත් සෑහෙන්න බිසී, අපි ආපු බව වත් නොදන්න
සයිස් එකටම......! අපි දෙන්නත් දැන් ටික ටික උන් ලඟටම ආවා.
"මොනාද බොල තොපි දෙන්නා කඹ ලෝඩ් එකකුත් තියන් කරන්නේ?" සුජියා මුකුත්
නොදන්න ගානට ඇහුවා!
"මේ කඹ රෝල් වගයක් ගෙනල්ලා බං! හාමුදුරුවෝ කිව්වා මේ ටික ගබඩා කාමරේට
ගිහින් දාන්න කියලා"
ඈ යකෝ! ඒ කියන්නේ මුන් දෙන්නට මේ වැඩේ පවරලා තියෙන අතර තමයි එහෙනම්
හාමුදුරුවෝ අපි දෙන්නාටත් කතා කරලා තියෙන්නේ. හයියූ...! දැන් අර
පොල්බූරුවෝ දෙන්නා අපි එනකම් එලියේ බලන් ඇති. මේ වැඩේ මුන් දෙන්නාටම
කරගන්න ඇරලා ෂේප් එකේ මාරු වෙන්නත් හිතෙනවා, ඒත් ඉතින්, එක අතකින් බලද්දි
ඉතින් මුන් දෙන්නත් ළමයි නේ. මුනුත් ගෙවල් වලට යන්න එපාය!
"හිටු! අපිත් සප් එකක් දෙන්න!"
උඩින් පල්ලෙන් ගේම්වලට කප්පිත්තෝ වෙච්චි මායි සුජියයි අර කඹ රෝල් ලොට්
පිටින් අරන් ගිහින් ගබඩා කාමරේ අඩුක් කලා. (ඇත්තම කිව්වොත් අඩුක් කලා
නෙමෙයි එබුවා. මතුපිටින් පේන්නේ කඹ රෝල්. ඒත් ඇතුලේ තියෙන්නේ කඹ
නූඩ්ල්ස්!)
ඔන්න ඔය විදිහට පැයේ වැඩේ විනාඩි දහයට ඉවර කරපු අපි ටැප් එක දිහාට යන්න
හැරුණා! බොලේ එතකොට තමයි දැක්කේ බොනියා එක්ක හිට අනිත් එකාගේ
මුහුණත්තහඩුව!!!
"හම්මා! මේ අපේ හු....සොරි.... සනුකයා නේ! තෝ කොහොමද බොල මේ කඹ රෝලේ පැටලුනේ...?"
"මේකා හිටියාට වඩා සෑහෙන්න සුදු වෙලා නේ...!" සුජියා අතඇරපු කෙප්පය
දරාගන්න බැරි වුණු මම ජී බොහොම අමාරුවෙන් හිනාව තද කර ගත්තා!
කලුම කලුපාට කපුටෙක් වෙච්චි අපේ සනුකයත් උගේ කිරිපාට පනාව පෙන්නලා පුංචි
හිනාවක් දැම්මා.
ඒ අතරම ටැප් එකෙන් මිනි වොෂ් එකක් දාගත්තු බොනියාත් එතනට ආවා!
"ඉස්කෝලේ ඇරෙන්නත් තව පැයකට වැඩිය තියෙන එකේ යමුද කොට්ටන් ගහ යටට. ගහමු
හොඳවැයින් අඹ කයියක්!." බොනියා ඇහුවා!
"තොපි දෙන්නා ඕන xයියක් ගහගනිල්ලා! බොලා වගේ නෙමෙයි බන් අපිට අරමුණක්
කියලා එකක් තියෙනවා. තොපි දෙන්නා මෙතන තව පැය එකහමාරක්ම ජිල් ගහද්දි,
මමයි, ෂුජියයි චූන් එකේ...." සුජියා මගේ කකුල පාගපු පෑගිල්ලට තව පොඩ්ඩෙන්
මගේ "චූන්" එකේ අග අකුර හැලෙනවා!
"අඩෝ... අඩෝව්....! තොපි දෙන්නා මේ මටත් පානිය දාලා කොහෙද මේ යන්න
හදන්නේ......? @@%XXXක් වත් සෙට් වුණාද?? මතක තියාගනින් පුතේ...... තුන්
දෙනෙක් වැඩි නෑ...!!!" බොනියා ඇදලා පැදලා තාලෙට කිව්වා.
"නොද්දකින් අපතයා තෝ හිතුවද බොල අපි එහෙව් වල් සත්තු කියලා. අපි යන්නේ
අබා කොස්තාගේ ගෙදර. කැරමක් ගහන්න!" ඒ පාර නම් මගේ වාචාල කටට සුජියගේ කකුල
පරාදයි!
ආයෙ ඉතින් මොනා හන්ගන්නද? සුජියා ෆුල් ස්ටෝරියම ඌ ඉස්සරහ දිග හැරියා.
"අඩේයප්පා....! මේකයි එහෙනම් බොලාගේ ප්ලෑන! මට නිකමට හි...."
"හරි... හරි! මේ... තෝ හිxවත් නැතත් අපි ඩබල කොහොමත් පනිනවා. තෝ එනවද
නැද්ද කියපන්. එච්චරයි!" සුජියට ටිකක් තද වෙලා!
සීරියස් ෆේස් එකක් මවාගත්තු බොනියා මොහොතකට ෆ්‍රීz වෙලා. අපි දන්නවා පොර
මේ වගේ ගේම් වලට එච්චර හුරු මිනිහෙක් නොවන බව. ඒත්, කල්පනා කර කර ඉන්න
වෙලාවක් නෑ! දැනටමත් අපි එනවායි කියපු වෙලාවෙන් විනාඩි පහකටත් වැඩිය
ගිහින්!!
"සුජියො,මේක හරියන මගුලක් නෙමෙයි බන්. මූ කල්පනා කරලා තීරණේකට එද්දි
අරෙහේ අරුන් දෙන්නාට බබා හම්බු වෙලා තියෙයි. වර යන්න අරුනුත් අරෙහේ බලන්
ඇති!"
"නෑ නෑ ඔහොම හිටපිය මාත් එනවා!" ෆයිල් එක අතට ගත්තු බොනියාත් අපිත් එක්ක එකතු වුණා.
"හෝව්! මාත් එනවා...!" සනුකයාත් උගේ බෑග් කටුව කිහිල්ලේ ගහගෙන ජාදුවෙක්
වගේ දුවගෙන එනවා!
හුටා! මූවත් අරන් මොන පැනිලිද??කරුමෙට හරි මාට්ටු වුණොත් එහෙම මෙ යකා එක
කනේපාරට මුලු රැලම පාවලා දෙයි! ඒ මදිවට බෑග් කඩමාල්ලකුත් උස්සන් එනවා.
මුගෙ අම්ම්^%#@^%$^!
"ඕයි පිල්ලියා මොකද්ද බං මේ...? ඒ පාර මේක නිකන් ලබ්බේ තොයිලයක් වුණා නේ.
බලපියකෝ!" සුජියාට මරු තදවෙලා! සිරාවටම මටත් ඇඬෙන්න වගේ. අම්මපා මුගේ වට
ඇල්ල අල්ලලා අඹරන්න ඇත්නම් මුගෙ ආච්.....
ඒත්, අපි දෙන්නාටම කල්පනා කරන්න වෙලාවක් නොදුන්නු බොනියා තනි අතට අරූව අල්ලගත්තා.
"තෝ අපිත් එක්ක ආවට කමක් නෑ. ඒත් පුතෝ මාට්ටු වුන දාකට තෝ අපි එකෙක්ව හරි
පාවලා දීලා තිබුණොත්, තොට යන්න වෙන ඉස්කෝලයක් හොයාගන්න වෙයි! තේරුණාද??"
අසරණ සනුකයා මාරුවෙන් මාරුවට අපේ මූණු දිහා බලලා යන්තම් ඔලුව වැනුවා.
"ඔය බෑග් එකත් උස්සන් ගේට්ටුවෙන් එලියට යන්න බෑ. දීපිය ඕක මෙහාට." බලෙන්ම
වගේ පොරගේ බෑග් එක අතට ගත්ත සුජියා බොනියගේ ෆයිල් එකත් සනුකයගේ බෑග් එක
ඇතුලටම දාලා තාප්පෙන් එහාපැත්තට වීසි කලා! ඒත් එක්කම සනුකයගේ මූණ දෙක
වුණත් පොර කටක් හෙල්ලුවේ නෑ!
"හරි මේ, වැඩි වෙලාවක් මෙතන ඉන්න බෑ! එක තත්පරේට අපි හතර දෙනාම
ගේට්ටුවෙන් එලියට විදින්න ඕනේ. හරිනේ!" පිල්ලියාගේ ෆයිනල් කොමාන්ඩ් එකත්
එක්කම අපි හතර දෙනාම නිදහස් පුරවැසියෝ බවට පත් වෙලා! අලුත් ඩබලගේත් කටවල්
කනේ.......! මුන් දෙන්නට මේක නිකන් බෝට්ටුවෙන් ඉතාලි පැන්නා වගේ
ඇති......! හික්z!!
ඉස්කෝලේ අවට වැඩි වෙලාවක් රැඳෙන්නත් බැරි හින්දා හතර දෙනාම එක පිම්මට
ඉගිල්ලුනා අබාගේ පොට් එකට. (පොර එදා ඉස්කෝලේ ආවේත් නෑ.) වෙනදට ගේ
කිට්ටුවට යනකොටම අපේ එවුන්ගේ සද්දේ ඇහෙනවා ගම දෙදරන්නම. වෙලාවකට කැරම්
ඉත්තෝ උඩීන් පාවෙලා එනවා මහ පාරටම! ඒත් අද ඒරියා එකම ෆුල් සයිලන්ට්! ඒ
මදිවට දොර ජනෙලුත් වහලා.
"ඈ යකෝ මේ xxxලා කොහේ මකබෑවිලා ද?"
"දොරවලුත් වහලා නේ?"
"බඩුම තමා! එහෙනම් එකත් එකටම අපේ එවුන්ට මෙව්වා එකක් හම්බ වෙලා ඇති. ඒකයි
මුන් දොර වහගෙන, සවුන්ඩුත් ඕෆ් කරලා ඇත්තේ!" පිල්ලියට ෆුල් හැපි!
"ඔව්....! ඔව්!! ඒක වෙන්නැති දොරට ඉබ්බෙක් එහෙමත් දාලා තියෙන්නේ!"
හුටාරේ....! දැනුයි ඒක නෝට් වුණේ කතාව ඇත්ත තමා! දොරට ඉබ්බා දාලා.
අබාලගේ ගෙදර කට්ටියම කොහෙදෝ ගිහින් වගේ.
හත්තිලව්වයි! එතකොට කෝ යකෝ අපේ හරක් දෙන්නා? උන් දෙන්නට මොකද වුණේ???
මතු සම්බන්ධයි......
ප:ලි:- කෝඳුරු ඇටෑක්ස්, විදුලි ඇන හිටීම්, ඇට මිදුලු විනිවිද යන සීතල,
සිග්නල් ලොස් වීම් ආදිය හේතුවෙන් සම්පූර්ණ සීන්කෝනයම පල කිරීමට නොහැකි
වීම පිලිබඳව පිල්ලි ජීගේ බලවත් කණගාටුව!සැ:යු:- ඉහත පෝස්ටුව සම්බන්න්ධයෙන් වූ සියලුම පුන්‍යානුමෝදනාවන් "කතන්දර
පිල්ලිය" වන මා සතු විය යුතු බවත්, ඊට මාගේ මෑණියන් පලි නොමැති බවත්
කරුණාවෙන් සලකන්න!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!===============================================================
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!