Wednesday 22 January 2014

මට සුවය පැතූ සැමට තුති....

මට සුවය පැතූ සැමට තුති.... 
විස්තරය බලා තෝ මැරිලා පල කියල හිතපු අයටද තුති.....
 නලින්ගේ පණිවිඩයට මැලේ මල්ලි දින දෙකකට පෙර මා ඇමතුවා. කනට අහල පුරුදු කට හඩක් ය. මෙහෙම හිතවතුන්/හිතවතියන් ඉන්නවානම් දවස ගානේ අනතුරු කරගන්න හිතෙනවාය. පත්තර වල යන්නේ මළොත් පමණක් විය හැකිය. රටවල් වල වෙන අනතුරු සේරම පත්තර වල දමන්න ගියොත් අම්මට සිලි වෙන්නේය. මගේ පියා පොලිස් පොතේ නොලියෙවෙන්න වැඩ සිද්ද කර තිබුනේය. 
මම පතන්නේ "බුදු තාත්තේ ලබන ආත්මෙත් මගේ තාත්ත වෙන්න"කියාය. මව නම් ඉන්නෙ ලෝකේ තියෙන ලස්සනම පුෂ්පයෙන්ය. අන් හෙළයන්ට මෙන් ඇයටද මතකය සති 2 ය. මෙහෙ පොලෝසිය ලංකාවට දෙවැනි වන්න කැමති නැති වගේය. සරා,මැලේ,සිරා & පැතුම් ලා නම් ඒ වග හොදටම දන්නවා ඇතිය. ඩේමියන් මගේ සැබෑ දිවියේ No 1 බොක්කය. මගේ පියාගේ දැනුම් දීමෙන් ඔහු මවෙත ඇවිත් තිබ්බේය. ඩේමියන් සහ ඔමාය මගේ සැබෑ දිවියේ ඉහත කියූ මිතුරන් ය. ඔමාය බ්ලොග් දිවියේත් හොදම මිතුරියකි ය. මගේ අනතුර ගැන ඔවුන් ඔබ දැනුවත් කර ඇත්තේ .... නොදුටු මිතුරු/මිතිරියන් හට දැන්වීමටය... එක අරිෂ්ටයෙක් නම් උන්ගේ පරම්පරාවේ ලෙඩ විකුනම් කන ආධාර රෙද්දක් කොටලා තිබුණාය. ලගක හිටියා නම් මගේ කකුල් අමාරු කම් පැත්තක තියල, එක කනකට ගහන්නේ කන් දෙකේම බෙර පුපුරන්නය. මගේ ලැප ඩේමියා ලග ඉදගෙන බල බලා විස්තර කිව්වේය. හැම රෙද්දකම මාව හොයපු සැමට නැවතත් තුති කියන්නේය. ඩේමිය හිතල තියෙන්නේ මටත් අමතක වෙයි හැම දෙයක්ම කියල ය. පැය ගානක හොද නින්දක් දමල තිබුන නිසා වෙන්ඩ ඇතිය.
බොන එක නම් නවත්වන්නේ නැතිය. 
මේවා ඇවිල්ල දුක් කම් කටොලු මැද ජයගත් පුරුදුය. බොන පුරුද්ද මේ සෙද්දවල් හින්ද නැවැත්තුවොත් වලටත් හෙන ගහන්න ඉඩ තිබෙන වාය. හැට ගානක් නොදුටු බොක්කවල්/බොක්කියෝ ඉන්නවා කියන්නේ ලෙඩ සුව වෙන්න බෙහෙත් ඕනෑම නැතිය. මාරයා මලයට කියලවත් හදහන ටිකක් බලව ගන්න ඕනය. 
ඕනය කිව්වේ මම වගේ බොන එකා ගැන නෙමේය. එතන ට ගැලපෙන වචනේ ඒකය. හැමෝටම වෙනම පිළිතුරු දෙන්න බැරි එකට ගොමෙන් නසායි,sorry & සමාවන්න කියනවාය. Everybody අරිගතෝ ගොසයි මසු,ස්තුතියි & Thanks ....

SaYoNaRa ...!!!

Sunday 19 January 2014

කෙන්ජිගේ යාළුවන් වෙත.

අද දවල් මට මේල් එකක් ආවා kenji ගේ යාළුවගෙන්,



omaya .....****** has got into an accident last night & has been admited to the hospitl .shall give more updates later...............demiyan මේ විදියට ,

tq for the information demiyan...i shall let all ***** friends know.. pl let me know his leatest updates.omaya. 


ඉන් පස්සේ මං කෙන්ජිගේ යාළුවගෙන් නම්බර් එක ඉල්ලගෙන කතාකලා ,,ඊමේල් එකක් ලැබුණ පමණින් විශ්වාස කරන්න බැරි නිසාම..කෙන්ජිගේ ෆෝන් එක වැඩ කලේ නැහැ. දැනුත් වැඩ කරන්නේ නැහැ. යාළුවා කියපු විදියට එතරම් බරපතල නැහැ කීවත් ඇත්ත තත්වය මම දන්නේ නැහැ .. 
kenji මගේ හොදම යාළුවෙක් ඒ නිසා ඒ වෙලාවේ මට පුළුවන් විදියට කෝල් කරලා හොයලා බැලුවා.ඉන් එහා දෙයක් පිටරටක ඉදලා කරන්න බැහැනේ.. ඔයාලට දැනුම් දෙන්න හිතුවේ එයා කාගේත් යාලුවෙක් නිසා.. 

කෙන්ජිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

_______apurvi_________

ප/ලි 

kenji කියන්නේ මගේ තාත්තාගේ වයසේ කෙනෙක් ඒ වගේම හොද යාළුවෙක් ඒ නිසයි මෙවැනි පෝස්ට් එකක් දැම්මේ...

Thursday 9 January 2014

සිහල සිනමාවෙ නොදුටු ඇත්ත -- (1)


අලුත් අවුරුද්දකුත් ලැබුවාය.විස්සයි දාහතර කියන්නේ එල අවුරුද්දක්ලුය.මට නෙමේය..හැමෝටමලුය...ඔය ඉලක්කන් හතරේ එකතුව ලකී හත හෙවත් සිංගලෙන් සෙවන්ය.7 වැදිලා හිටපු එවුනුත් නැගලා එනවාලු.මේක මට කිව්වේ කතරගම දෙයියෝ වඩිනව කියල කෙබර කෙලිය එකාට ගිය 31 ක ස්කයිප් එකෙන් කතා කලාමය.දැන් උඹල..."අපේ මාරයාගෙන් ඇහැව්වා නම් ලෙසටම කියයිනේ' කියලා කියන්න එපාය.මොකද මාරයා මල්ලි කෙබර කාරයෝ වාගේ පොරොසිද්ද නැතිය.ඉතිරි කිරිමෙට කෙලලා මාරුවුන තට්ටයගෙන් ඇහැව්වට හු හැන් පී කාරයන්ට කියන්නෙම තවත් ඒවගේම කෙබරය.මමත් දැන් බලාගෙන ඉන්නේ මට 7 විකසිත වෙනකන්ය....සමහරු නම් බලන් ඉන්නේ මට 7 X 7 වදිනකම් ය.ඒවා හදේය......... 


                                           ඔබ සැම සිතා සිටිනා ලෙස චන්ඩි ශ්‍යාමා මෙන් මා කුඩා කලම සිංහල සිනමාවට පිවිසියේ නොමැත.එයින් අදහස් කරන්නේ නළුවකු වශයෙන් පැමිණි බව නොවය.මට ෆොටෝ ගන්න මේනියා එකක් පොඩි කාලේ සිටම තිබිණි.ඒ මම වෙරළු ගහෙන් වැටිච්ච සංදියේ සිටය. මගේ පියාගේ මල්ලිලා දෙන්නෙක් සහ මවගේ මල්ලෙක් තනිකර කැමරා පිස්සෝය.ඒක උන්ගේ රස්සාව නෙමේය.විනෝදය උදෙසාය. උන් ටික කළු සුදු පින්තුර අරගෙන පාටත් කරනවාය.මොන මගුලකින් පාට කලාද කියා අදටත් දන්නේ නැතිය.එහෙම පාට කරපු මගේ ෆොටෝ තාමත් තියෙන්නේය.කවදා හරි fb එකට මුදා හරින්න හිතාගෙන ඉන්නවාය.මට භය කෙල්ලෝ ඒවා දැකල පිස්සු වැටෙයි ද කියලය. පොඩි කාලෙත් මම එච්චරට ම ස්වීට් ය. 
                                                       රන්මුතු දුව චිත්තර පටිය ගැන දන්නේ අපේ මේ බොගේ ඉන්න සීනියර් සිටි සෑන් කට්ටිය විතර වෙන්න ඇතිය.මම නම් ඔය සැට් එකට අයිති නැතිය. පොඩි ඒකාල/එකිලා හිතනවා ඇත්තේ තවත් මඩොල් දුවක් වෙන්න ඇති කියාය. ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය රන්මුතු දුව කොලේ මයික් විල්සන් කියන සුද්දාය.1934 රැජිණිගේ රටේ ඉපිද,පළමුව ආමි එකටද,දෙවනුව රෝයල් නේවි වලට බැදී වැඩ කිඩ පෙන්වූ දක්ෂ කාඩරයෙකි.එහි සාර්ථකව සේවය නිමවා කෙලින්ම යන්නේ 'නෝත් කුරු දිවයිනට' ය.එහිදී ඔහු ලියාපදිංචි කිමිදුම් කරුවකු වන්නේය.ඉන්පසු ඔහු දක්ෂ කිමිදුම් කරුවකු,බෝට්ටු ධාවකයකු,සර්ෆ් & මුහුදු ස්කි කරුවකු වන්නේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු සහ ආතර් සි ක්ලාක් යන දෙදෙනා,ලස්සන සී ලංකාවේ ජිවත් වීමට තීරණය කරයි..ඒ 1956 යේ දිය. ඔහු ගැන තව විස්තර අවශ්‍ය අය මෙතනට ගොස් බලන්න..... 



Sunday 5 January 2014

සංවේගයෙන් දැනුම් දෙමි


මා ලබැදි මිතුරු හැලපගේ ආදරණීය මෑණියන්ගේ වියෝව ගැන අසන්නට ලැබුණා. 
සහභාගිවීමට හැකියාවක් නැතත් ..ඔහුගේ ඒ මෑණියන්ගේ වියෝව මා හදවතත් සංවේගයට පත්කලා... 
හැකි අය සහභාගිවන මෙන් ඉල්ලා සිටිමි..නොදන්නා අයව දැනුවත් කරනු පිණිස පොස්ටුව දැමුවෙමි...

මෑණියනි ඔබට නිවන්සුව ලැබේවා ...